fbpx
“ජනාධිපති කිව්වට පස්සේ ඒක තමයි චක්‍රලේඛය” ජනපති තරයේ කියයි (VIDEO)

“ජනාධිපති කිව්වට පස්සේ ඒක තමයි චක්‍රලේඛය” ජනපති තරයේ කියයි (VIDEO)

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට අවධාරණය කෙරුණා.

මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව එතුමා කියා සිටියා.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී යි.

“රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් දීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ ඝෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුලත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” ජනාධිපතිතුමා නියෝග කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මේක මම ප්‍රසිද්ධියේ කියන්නේ. මම මේවා හොයලා බලලා තමයි කියන්නේ, ජනතාව වෙනුවෙන් ඒක තමයි චක්‍රෙල්ඛනය. ඒක අද ලියාගන්න. මෙන්න මේ චක්‍රලේඛය ජනාධිපතිතුමා විසින් අහවල් දවසේ අහවල් වෙලාවට නිකුත් කළා. චක්‍රෙල්ඛය කියන්නේ ජනාධිපතිවරයා කියන එක, ඊට වඩා එහා මොකක්ද? විධායක ජනාධිපති කියන්නේ ඒකනේ.” යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්,

Share This