fbpx
ජනාධිපතිවරණය ප්‍රමාද කරන්න – ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරණය ප්‍රමාද කරන්න – ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු මැතිවරණය කල්දැමිය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරනවා.

අමෙරිකානු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කල්දැමීමට ජනපතිට බලයක් නැත. එසේම එරට මේ දක්වා කිසිම ජනාධිපතිවරණයක් කල්දමා නොමැත.

2020 අමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට ඇමරිකාවේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය නොවූ පසුබිමක මෙම මැතිවරණය නිසි ලෙස පැවැත්වීමට හැකියාවක් නොමැති බව ඔහුගේ තර්කය වනවා. සෞඛ්‍යාරක්ෂිත නීති අනුව මැතිවරණය පැවැත්වීමේ අපහසුතාවලට විකල්පයක් ලෙස තැපැල් ඡන්දය භාවිත කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති නමුත් ට්‍රම්ප් තර්ක කරන්නේ එමගින් විවිධ වංචා සිදුවිය හැකි බවය.

කිසියම් හේතුවක් මත මැතිවරණය කල් දැමීමට සිදුවුවහොත් මහජනතාව සම්බන්ධ නොවූ අභ්‍යන්තර ක්‍රියාදාමයකින් ජනපතිවරයා පත්කිරීමට එරට තුළ විධිවිධාන සලසා ඇත්තේ රට අස්ථාවර අරමුණින්ය.

Share This