
ජනපති රනිල් සහ දකුණු කොරියානු ජනපති අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා අතර නිල හමුවක් පැවැත්වුණා
ඒ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේ දී බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් මහතා (Yoon Suk Yeol) සිය සහය පළ කළ අතර රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම සඳහා ජනාධිපතිවරයාගේ උත්සාහය සහ කැපවීම ප්‍රශංසාත්මකව අගය කර තිබෙනවා
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි