fbpx
චීන කොවිඩ්  එන්නත මිලියනයකට

චීන කොවිඩ් එන්නත මිලියනයකට

චීනයේ සිනොෆාර්ම් විසින් සංවර්ධනය කරන ලද කොරෝනා වයිරස් එන්නත මිලියනයකට ආසන්න  සංඛ්‍යාවක් රටේ හදිසි භාවිත වැඩසටහන හරහා ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය හදිසි භාවිත වැඩසටහනක් ජූලි මාසයේදී දියත් කළ අතර සංවර්ධනය කළ එන්නත් ත්‍රිත්වයක් අත්‍යවශ්‍ය සේවකයින් සහ අනෙකුත් සීමිත පුද්ගලයින් සඳහා එළිදක්වා තිබෙනවා.

ඒ අතරින් සිනොෆාර්ම් විසින් සංවර්ධනය කරන ලද එන්නත මෙම හදිසි වැඩසටහන සඳහා භාවිතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

හදිසි භාවිතයේදී එන්නත ලබාගත් අයගෙන් බරපතල අහිතකර ප්‍රතිචාරයක් වාර්තා වී නොමැති බව සිනොෆාර්ම් ආයතනය සඳහන් කර ඇති බවද එහි සඳහන්.

ඉදිකිරීම් ව්‍යාපෘති සේවකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සිනෝෆාම් එන්නත ලබා ගැනීමෙන් පසු විදේශගත වූ සිසුන් අතර කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව එම වාර්තාවේ දැක්වෙනවා.

Share This