fbpx
චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

නැගෙනහිර චීනයේ ෆූජියැන් පළාතේ තෙල් පිරිපහදුවක ගින්නක් හට ගෙන තිබෙනවා.

ඉන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් කිහිප දෙනෙකු අතුරුදන්වී ඇති අතර ගින්න හේතුවෙන් තෙල් පිරිපහදුව අවට වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානවලට යැවීම සඳහා අදාළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන සේවකයින් සියයකට වැඩි පිරිසක් යොදවා තිබූ බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.

නඩත්තු කටයුත්තක් අතරතුරදී ගින්න හටගෙන ඇති බව මූලික විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

Share This