fbpx
චීනයට තවත් වසංගතයක්

චීනයට තවත් වසංගතයක්

චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ උණ රෝගය ඌරන් මඟින් පැතිර යන අතර එය මිනිසාට වැළඳීමේ හැකියාවක් ඇති බව විද්‍යාඥයින් අනාවරණය කරගෙන තිබේ .

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, නව උණ රෝගය කඩිනමින් පාලනය කළ යුතු බවයි ,

යම් හෙයකින් මිනිසුන් අතර පැතිර ගියහොත්, එය පාලනය කරගත නොහැකි වේගයකින් පැතිර ගොස් නව ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තවද ආසාදිතයින් 18ක් හඳුනා ගැනීමත් සමගින් චීනයේ හෙබෙයි ප්‍රාන්තයේ ඇන්සින් කලාපය මුළුමනින්ම හුදෙකලා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා .

බීජිං අගනුවර සමීප ඇන්සින් කලාපයේ ලක්ෂ 4කට අධික ජනතාවක් වාසය කරන අතර රජය දැනුම් දී ඇත්තේ නගරයේ සියලු කඩවීදි, ගොඩනැඟිලි සහ නිවාස මුළුමනින්ම වසාදැමිය යුතු බවයි .

ගතවූ දිනයේ දී චීනයෙන් නව ආසාදිතයින් 12 ක් හඳුනා ගෙන තිබෙනවා.

Share This