fbpx
ගෙලිඔය රිය අනතුරකින් අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගෙලිඔය රිය අනතුරකින් අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

පේරාදෙණිය – ගෙලිඔය ප්‍රදේශයේ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් 03 දෙනෙකු තිබෙනවා.

ගෙලිඔය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඇති අතර ඒ සමග ම එම දිශාවට ම ධාවනය වු ත්‍රීරෝද රථයක් මාර්ගයේ වැටී සිටි පදිකයාගේ ඇඟ මතින් ගමන් කර ඉදිරියෙන් පැමිණි නවතාගෙන සිටි මෝටර් රථයක ද ගැටී මාර්ගයේ පෙරළී මෙම මාරක අනතුර සිදුවූ බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ගම්පොළ රෝහලටත්, පදිකයා සහ ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ තවත් පුද්ගලයෙක් මහනුවර රෝහලටත් ඇළටත්, යතුරුපැදිකරු පේරාදෙණිය රෝහලත් ඇතුළත් කර තිබෙනවා.

ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක්, ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පිරිමි පුද්ගලයා සහ පදිකයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි 54 හා 53 හැවිරිදි අඹුසැමි යුවළක් වන අතර මියගිය පදිකයා වයස අවුරුදු 54 ක් වු ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Share This