fbpx
ගිරිතලේ ජලාශයේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගිරිතලේ ජලාශයේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මින්නේරිය – ගිරිතලේ ජලාශයේ මිතුරන් සමඟ ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගිරිතලේ එකේ කණුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙක්.

අද උදෑසන මියගිය පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

Share This