fbpx
ගම්පහ කර්මාන්තශාලා හිමියන්ට නිවේදනයක්

ගම්පහ කර්මාන්තශාලා හිමියන්ට නිවේදනයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක අපනයන කටයුතු හා සම්බන්ධ කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමට නිරෝධායන ඇඳිරිනීතිය බාධාවක් නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

ඇඳිරිනීතිය පවතින කාලය තුළ තම සේවා ස්ථානයට යෑමට සහ නැවත නිවස කරා ඒමට එම ආයතන වල සේවකයින්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස තම සේවා ස්ථානයෙන් නිකුත් කර ඇති හැඳුනුම්පත යොදාගත හැකි බවයි කියා සිටින්නේ

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට අද දහවල් බලධාරීන් කටයුතු කළා

Share This