fbpx
ගංජා ග්‍රෑම් 25,000ක් සෙල්ලකතරගමින් හසු වෙයි

ගංජා ග්‍රෑම් 25,000ක් සෙල්ලකතරගමින් හසු වෙයි

සෙල්ලකතරගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී ත්‍රීරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ග්‍රෑම් 25,000 ක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ත්‍රි රෝද රථයේ සිටි සැකකරුවන් 03 දෙනෙකු එම අවස්ථාවේ පලාගොස් ඇති අතර ත්‍රීරෝද රථයද එම නිලධාරීන් භාරයට ගත් බවයි ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කළේ.

භාරයට ගත් ගංජා තොගයේ සිල්ලර වටිනාකම රුපියල් අටලක්ෂ හැත්තෑපන්දහසක් ( 875,000/= ) පමණ වනවා.

අතර ත්‍රීරෝද රථයේ වටිනාකම රුපියල් හත් ලක්ෂයක් ( 700,000/= ) පමණ වන අතර සියලු භාන්ඩ වල වටිනාකම පහලොස් ලක්ෂ හැත්තෑපන්දහසක ( 1,575,000/= ) පමණ අගයක් ගන්නා බව වැඩි දුරටත් පවසන්නේ.

Share This