fbpx
කොළඹ නැවතත් හුදකලා කිරීමට සිදුවෙයි ද?

කොළඹ නැවතත් හුදකලා කිරීමට සිදුවෙයි ද?

සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇති පරිදි දීර්ඝ කාලයක් හුදකලා කර තිබු ප්‍රදේශ වල ජනතාව නැවතත් නිරෝධායන නීති කඩ කරමින් හැසිරෙන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා

කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව නැවතත් මෙලෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවත් ඒ හේතුවෙන් නැවත එම ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු සහ අනු පොකුරු ඇතිවීමේ ඉඩකඩ ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

අවදානම යළිත් මතු වුවහොත් එම ප්‍රදේශ නැවත හුදකලා කිරීමට සිදුවිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන අතර මේ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයකින් කටයුතු කළයුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This