කොළඹ ජීවත්වන අයට ඉදිරියේදී ඔක්සිජන් හිඟවීමේ ගැටළුවක්?

කොළඹ ජීවත්වන අයට ඉදිරියේදී ඔක්සිජන් හිඟවීමේ ගැටළුවක්?

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මේ සඳහා  වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහ නගර සභාවෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙලක් දියත් කිරීමට යෝජනා කොටගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

Share This