fbpx
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලද තරුණයෙක් මිය යයි

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලද තරුණයෙක් මිය යයි

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZeneca ඖෂධ සමාගම ඒකාබද්ධව නිපදවන ලද කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් අත්හදාබැලීමේ ව්‍යාපෘතියට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ 28 හැවිරිදි බ්‍රසීල තරුණයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

නමුත් එන්නත නුසුදුසු යැයි මෙයින් කිසිසේත් ගම්‍ය නොවන බව එන්නතේ නිෂ්පාදකයෝ පවසනවා. එම පුද්ගලයා මිය ගියේ එන්නත නිසා නොව කොවිඩ්-19 රෝගය ආසාදනය උත්සන්න වීම නිසා බව බ්‍රසීලයේ පුවත් වෙබ් අඩවියක පසුගියදා සඳහන් වුනා.

එන්නත් ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කරන බව බ්‍රසීල සෞඛ්‍ය ඇමැතිවරයා පවසනවා. මිය ගිය පුද්ගලයා සැබවින්ම ලබාගත්තේ ඖෂධීය එන්නතද, නැතහොත් එහි ව්‍යාජ අනුරූපක (placebo) එන්නතක්ද යන්න මෙතෙක් නිශ්චය කරගෙන නැතැයි බ්‍රසීල අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

Share This