fbpx
කොරෝනා වෛරසය ලොව විශාලතම සරණාගත කඳවුරටත් ඇතුළු වෙයි

කොරෝනා වෛරසය ලොව විශාලතම සරණාගත කඳවුරටත් ඇතුළු වෙයි

ලොව විශාලතම සරණාගත කඳවුර වන, බංග්ලාදේශයේ කොක්ස් බසාර් තුළින් කොරෝනා වෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව එරට බලධාරීහු පවසනවා.

මෙම සරණාගත කඳවුර තුළ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් මිලියනයක් පමණ වාසය කරන අතර ඔවුන් අතරින් කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා.

තහවුරු වූ ආසාදිතයන් දෙදෙනා වෙන් කොට තබා ප්‍රතිකාර කරන බව බංග්ලාදේශ බලධාරීහු සඳහන් කරනවා.

තවත් සරණාගතයන් 1900 ක් පමණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෙන් කර තබා තිබෙනවා.

Share This