fbpx
කොරෝනා බලපෑම දශක ගණනාවක් පවතී – WHO

කොරෝනා බලපෑම දශක ගණනාවක් පවතී – WHO

නව කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසන්නේ ගෝලීය නව කොරෝනා වෛරසය පැතිරයාම අනාගතයට බොහෝදුරට බලපාන ආකාරයේ ව්‍යසනයක් බවය.

“මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇති” ටෙඩ්‍රොස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටු රැස්වීමකදී මේ බව සඳහන් කළා.

මෙම වසංගතයෙන් චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මුලින්ම ඉස්මතුවීමෙන් පසුව මේ වනවිට ලොව පුරා පුද්ගලයින් 677,000කට වැඩි පිරිසකට මරු කැඳවා තිබෙනවා.

එක්සත් ජනපදය, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ඉන්දියාව මෑත සතිවලදී කොවිඩ්-19 රෝගය හේතුවෙන් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.

එහි පැතිරීම සීමා කිරීම සඳහා හඳුන්වා දී ඇති අගුලු දැමීමේ සීමාවන් නිසා බොහෝ ආර්ථිකයන්ට පහර වැදී ඇති අතර, බොහෝ කලාප දෙවැනි ආසාදන රැල්ලකට බිය වී සිටිනවා.

Share This