fbpx
කොටස් වෙළඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොටස් වෙළඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද දැවැන්ත වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගියා.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගියේ 5.25% ක වර්ධනයක් සමඟින්.

මෙය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක් තුළ දී ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක වර්ධනයයි.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,606.85 ක් හා S&P SL20 දර්ශකය ඒකක 1.847.71 ක් වශයෙන් වාර්තා වුණා.

අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනයක්.

Share This