fbpx
කොටස් වෙළදපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොටස් වෙළදපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළදපොළ අද දිනයේ ගනුදෙනු සඳහා ආරම්භ කර, මද වේලාවකට පසු ගනුදෙනු කටයුතු පැයක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

ඒ කොටස් වෙළදපොළ S&P SL 20 දර්ශක අගය 5% කට වැඩි අගයකින් පහත වැටීම හේතුවෙන්.

අද දිනයේදී සමස්ත මිල දර්ශක අගය 3.49% කින් පහත වැටිණ.

එහි අගය දැක්වුණේ, ඒකක 4238.94 ක් ලෙසයි.

අද දින කොටස් වෙළදපොළ පිරිවැටුම රුපියල් මිලියන 230.5 ක් ලෙස දැක්වුණා.

Share This