fbpx
කේරළ ප්‍රාන්තයේ නාය යාමකින් 5ක් මරුට

කේරළ ප්‍රාන්තයේ නාය යාමකින් 5ක් මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ නාය යාමකින් පුද්ගලයින් 5දෙනෙකු මියගොස් තිබෙනවා.

කේරළයේ ඉඩුක්කි ප්‍රදේශයේ නාය යාම සිදුව ඇති අතර එම ප්‍ර‍දේශය ආශ්‍රිතව පුද්ගලයින් 80 කට අධික පිරිසක් ජීවත්ව සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 5 දෙනෙකුගේ මළ සිරුරු පමණක් සොයාගෙන ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව සඳහන්.

අතුරුදන්ව සිටින පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Share This