fbpx
කෙසෙල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි

කෙසෙල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි

බලහරුව නැව්ආර රක්ෂිතයේ සිදු කල වැටලීමකදී කෙසෙල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් සොයා ගෙන තිබෙනවා.

වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් ගංජා වගාව පවත්වාගෙන ගිය වයස අවුරුදු විසිනවයක එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගුවන් හමුදාව විසින් උඩුගුවනේ සිට දර්ශන ලබාගෙන මේ දින වල ගංජා හේන් වැටලීම නිසා එම දර්ශන වලට හසු නොවන ලෙස කෙසෙල් වගාව තුල මෙම ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව කුඩාඔය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අඩි හතරකට ආසන්න උසකින් යුතු වූ ගංජා ගස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර එවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බවයි පොලිසිය සදහන් කලේ.

Share This