fbpx
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එළැඹෙන ඔක්තෝබර් මස 11 දා තෙක් තාවකාලිකව වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ අර්ථලාභිනියන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙසේ තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

Share This