fbpx
කුඩු අංජුගේ ගෝලයෙක් පංචිකාවත්තේදී අත්අඩංගුවට

කුඩු අංජුගේ ගෝලයෙක් පංචිකාවත්තේදී අත්අඩංගුවට

කුඩු අංජු නමැත්තාගේ ගෝලයකු වන සිතුම් නිලංග පීරිස් හෙවත් අසංක නමැති සැකකරු පංචිකාවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මීගොඩ දහම් මාවතේ කුලී නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ඊට යොදන පතරොම් 10 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 10 ක් සොයාගත් බවයි.

33 හැවිරිදි එම සැකකරු අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Share This