fbpx
කුඩා දරුවන් කොවිඩ් එන්නත් අත්හදා බැලීම්වලට යොදවයි

කුඩා දරුවන් කොවිඩ් එන්නත් අත්හදා බැලීම්වලට යොදවයි

කුඩා දරුවන් නව කොරෝනා වෛරස එන්නත් අත්හදා බැලීම් සඳහා බඳවා ගැනීමට ඉඩ ඇති බවත්, එමඟින් අවසානයේදී අවසර ලබාදෙන ඕනෑම එන්නතක් ළමයින් ආරක්ෂා කිරීම සඳහා යොදාගත හැකි බව එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය පවසනවා.

මේ වනවිට, වයස අවුරුදු 12 ට අඩු ළමයින් කොරෝනා වෛරස එන්නත සඳහා පරීක්ෂා කරමින් සිටින අතර කුඩා දරුවන් තුළ එය ආරක්ෂිත යැයි පෙනේ නම්, කුඩා ළමයින් තුළ එන්නත පරීක්ෂා කිරීම නියාමකයින් විසින් සලකා බලනු ඇතැයි එම ආයතනයේ ජීව විද්‍යාත්මක ඇගයීම් හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය පීටර් මාක්ස් පවසනවා.

“එම අධ්‍යයන ඉතා ඉක්මණින් ආරම්භ වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මන්ද, පැහැදිලිවම, වැඩිහිටි ජනගහනයට එන්නත ලබා දීමෙන් පසුව විශේෂයෙන් ළමයින්ට, අවදානමට ලක්ව ඇති දරුවන්ට එන්නත් ලබාදීම අප ආරම්භ කළ යුතුයි. මොකද අවසානයේදී මේ සම්ප්‍රේෂණ චක්‍රය නැවැත්වීම සඳහා අප සැමට එන්නත ලබා දිය යුතුයි. මාක්ස් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Share This