fbpx
කුඩාඔයට හෙරොයින් බෙදූ පුද්ගලයෙක්  අත්අඩංගුවට

කුඩාඔයට හෙරොයින් බෙදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) රාත්‍රි වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් වසමට අයත් තිස් හතේ කණුව ප්‍රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කුඩාඔය ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන පෙළේ සැකකරුවකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් හාරසිය අසූවක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර සැකකරු ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි හතරක පුද්ගලයකු බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසනවා.

සැකකරු ඉදිරි විමර්ශන සදහා ඌව කුඩාඔය පොලිසිය වෙත භාර දී ඇති අතර සැකකරු අද (27) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

Share This