fbpx
ඕස්ට්‍රේලියාවේ වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වික්ටෝරියානු ප්‍රාන්තයෙන්

ඕස්ට්‍රේලියාවේ වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වික්ටෝරියානු ප්‍රාන්තයෙන්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 2 ක් සමග ආසාදිතයින් 11 ක් වාර්තා වෙනවා

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල ඇතිවූ දින සිට එක් දිනකදී අලුතින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 763 ක් වන අතර අද වන විට සමස්ත ඕස්ට්‍රේලියාවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 851 ක් .

මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය තව දුරටත් පහත බැස ඇති බවත් එය සුබදායී තත්ත්වයක් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසනවා

අද වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ එම සාමාන්‍ය අගය 34.4 ක් ලෙසයි සටහන් වන්නේ

කෙසේවෙතත්, කොරෝනා නීති ඉතා ඉක්මණින් ඉවත් කිරීම පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This