fbpx
ඕස්ට්‍රේලියාවෙ වික්ටෝරියානු ප්‍රාන්තයෙ කොරෝනා ආසාදිතයින් ඉහළට

ඕස්ට්‍රේලියාවෙ වික්ටෝරියානු ප්‍රාන්තයෙ කොරෝනා ආසාදිතයින් ඉහළට

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 471 ක් වාර්තා වී තිබෙනවා

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 8 ක්ද වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ

එම මරණ 8 ත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 170 ක් වන අතර සමස්ත ඕස්ට්‍රේලියාවෙන්ම වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 255 ක් දක්වා ඉහළ නැග තිබෙනවා.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 7,449 ක සිටින බවත් ඉන් 1,533 ක් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වලට සම්බන්ධ බවත් වාර්තා වෙනවා.

Share This