fbpx
ඕස්ට්‍රේලියාවෙ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට

ඕස්ට්‍රේලියාවෙ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 429 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 13 ක්ද වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම මරණ 6 ත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 138 ක් වන අතර සමස්ත ඕස්ට්‍රේලියාවෙන්ම වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 221 ක් දක්වා ඉහළ නැග තිබෙනවා.

අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 36 දෙනෙකු හට වෛරසය ආසාදනය වී ඇත්තේ දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු මගින් වුවද සෙසු 393 දෙනා හට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ තවමත් විමර්ශනය කරමින් පවතිනවා.

මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති සිව්වන මට්ටමේ කොරෝනා නීති හේතුවෙන් මෙල්බර්න් කලාපයේ සියලුම සිල්ලර ව්‍යාපාර අගෝස්තු 05 වන දා රාත්‍රියේ සිට වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය නියෝග කර තිබෙන බවද වාර්තා වෙනවා.

Share This