fbpx
එක්සත් රාජධානියට පැමිණෙන සංචාරකයින් නිරෝධායනයෙන් නිදහස්

එක්සත් රාජධානියට පැමිණෙන සංචාරකයින් නිරෝධායනයෙන් නිදහස්

රටවල් දුසිම් ගණනකින් එක්සත් රාජධානියට පැමිණෙන සංචාරකයින්ට සිකුරාදා සිට සති දෙකක් ස්වයං හුදෙකලා වීමට අවශ්‍ය නොවන බව දන්වා සිටිනවා.

රටවල් 60 කට වැඩි ගණනකින් සහ බ්‍රිතාන්‍ය විදේශීය ප්‍රදේශවලින් පැමිණෙන අය සඳහා නීති ලිහිල් කරන අතර සංචාරක නිවාඩුවක් ගත කිරීමට එරෙහිව විදේශ කාර්යාලයේ උපදෙස් තවදුරටත් ක්‍රියාත්මකයි.

සිකුරාදා උදෑසන සිට ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම, ජර්මනිය සහ තවත් රටවල් දුසිම් ගණනකින් එක්සත් රාජධානියට පැමිණෙන ජනතාවට තවදුරටත් දින 14 ක් නිරෝධායනය සඳහා ගත කිරීමට සිදු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහෙත් පසුගිය සති දෙක තුළ කලින් එම රටවලින් පැමිණි පුද්ගලයින් තවමත් ඔවුන්ගේ හුදකලා කාලය සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

සර්බියාව එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය සඳහා ලැයිස්තුවේ සිටි නමුත් කොරෝනා වයිරස් අවදානම පිළිබඳ නවතම තක්සේරුව මත පදනම්ව සිකුරාදා එය ඉවත් කර තිබෙනවා.

Share This