fbpx
ඇමෙරිකාව නැවත විවෘත කිරීමට කාලය පැමිණ ඇති බව ට්‍රම්ප් කියයි

ඇමෙරිකාව නැවත විවෘත කිරීමට කාලය පැමිණ ඇති බව ට්‍රම්ප් කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් අතර අවසන් විවාදය මේ වන විට අවසන් වී තිබෙනවා.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ මෙවරද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මෙම විවාදය පැවැත්වුණා.

මෙවර ද ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා සංවාදයේදී පෞද්ගලිකව මඩ ප්‍රහාර එල්ල කර ගත් බවයි වාර්තා වන්නේ .

ඒ අනුව එක්සත් ජනපදය නැවත විවෘත කිරීමට කාලය පැමිණ ඇති බව ට්‍රම්ප් පවසන අතර කොරෝනා මරණවලින් පිරි අඳුරු සීත සෘතුවෙන් රට මුදා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් චෝදනා කරනවා

“අපි එය සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නෙමු” යනුවෙන් ජනාධිපතිවරයා පවසන විට 77 හැවිරිදි බිඩෙන් මහතා, “එන්න, අපි ඒ සමඟ මැරෙමු.” යනුවෙන් පැවසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඇමරිකානු ජනාධිපතිවරණ සටනට ඇත්තේ තවත් දින 11 ක කාලයක්.

Share This