

උතුරේ ප්රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි – PHOTOS
අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ දූපත් ප්රදේශ වලට ගමන් ගන්නා මාර්ග ජලයෙන් යට වී ඇති අතර යාපනය -කරෙයිනගර් මාර්ගය, යාපනය -තොණ්ඩමානාරු මාර්ගය, යාපනය-වේලනෙයි මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා.
මේ අතර යාපනය -මහනුවර ඒ-9 මාර්ගය වවුනියාවේ කළුකුන්නම්මඩුව ඇතුළු ප්රදේශ කීපයකින් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු වලට බාධාවන් එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.