fbpx
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

ඉන්දියාව තුළ හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන මිලියන 5 ඉක්මවා ගොස් තිබෙනවා .

එය ලොව දෙවැනි වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවී ඇති රට ලෙසයි වාර්තා වන්නේ

ඇමෙරිකාවේ මේ දක්වා හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 6.7ක්.

නමුත් වෙනත් රටවලට සාපේක්ෂව ඉන්දියාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසන අතර එක දිගට දින 5ක් එරටින් දෛනිකව කොරෝනා ආසාදිතයින් 90,000 ඉක්මවා වාර්තා වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 82,000 ඉක්මවා ගොස් තිබෙනවා

Share This