fbpx
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 9 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 9 ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 9 ඉක්මවා ගොස් තිබෙනවා.

ගත වු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 28,498 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 908,258 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාවද මේ වන විට 23,736 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඉන්දීය ජනප්‍රිය නිළි සාරා අලී ඛාන්ගේ රියදුරුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සාරා ඇතුළු පවුලේ සියලු සාමාජිකයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව සාරා අලී ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

Share This