fbpx
ඉන්දියාවෙන් කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක්

ඉන්දියාවෙන් කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක්

ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක්වන භාරත් බයෝටෙක් මඟින් නිෂ්පාදනය කර ඇති කොවිඩ් -19 ඖෂධය මිනිසුන් යොදාගෙන අත්හදාබැලීමට අවසර ලැබී තිබෙනවා .

එම ඖෂධය “කොවැක්සින්” ලෙස නම් කර තිබෙන අතර ඉන්දීය ඖෂධ පාලක ජනරාල් ඒ අනුව භාරත් බයෝටෙක් සමාගමට මිනිසුන් යොදාගෙන කොවැක්සින් එන්නත අත්හදාබැලීමට අවසර දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම එන්නත සඳහා අත්හදා බැලීම් ඉන්දියාව පුරා ජුලි මස සිදුකිරීමට නියමිතයි .

ඉන්දියාව පුරා මේ වනවිට කොවිඩ් -19 ආසාදිතයින් ලක්ෂ 500,000 ඉක්මවා තිබෙනවා

Share This