fbpx
ආබාධයකට ලක්වු මිචෙල් මාෂ් IPL තරඟාවලියෙන් ඉවතට

ආබාධයකට ලක්වු මිචෙල් මාෂ් IPL තරඟාවලියෙන් ඉවතට

සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ තරගාවලිය අතරතුරදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

28 හැවිරිදි මිචෙල් මාෂ් මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයක දී ආබාධයකට ලක්වුනා.

පන්දු යැවීමේ දී ඔහු ආබාධයට ලක්වු අතර ඒ හේතුවෙන් ඔහුට එම තරගයේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වුනා. තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දි සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් සඳහන් කළේ, මිචෙල් මාෂ් හට ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් ඇති බවයි.

ඒ අනුව ඔහු වෙනුවට බටහිර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබෙනවා .

Share This