fbpx
ආනවිළුන්දාව වැනසූ  ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

ආනවිළුන්දාව වැනසූ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් නීතියට පටහැණි ලෙස එළිකර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයෙක් වන ජගත් සමන්ත මහතා සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21) පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගත්තා.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට විෂය බාර අමාත්‍ය සී බී රත්නායක මහතා සිදු කළ අතර කමිටුවේ වාර්තාව සැප්තැම්බර් 8 වන දින විෂයභාර අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා.

Share This