fbpx
අරලියගහ මන්දිරය වසා දමා ඇති බවට පැතිර යන පුවත අසත්‍යයි – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අරලියගහ මන්දිරය වසා දමා ඇති බවට පැතිර යන පුවත අසත්‍යයි – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පුවත්පතක පළ වී තිබු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා පවසන්නේ.

කොවිඩ් -19 තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිදු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබන බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අත්‍යාවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ‍පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිදු බාධාවකින් තොරව අරලියගහ මන්දිරය පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබන බවද එහි සඳහන්.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයෙන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ .

අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය තුළ රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරී කටයුතුවල නියැළී සිටින බව ද දක්වා තිබෙනවා.

Share This