fbpx
අපනයන කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කඩිනම් වැඩපිළිවෙලක්

අපනයන කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කඩිනම් වැඩපිළිවෙලක්

දේශීය වශයෙන් කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, වැනිලා වැනි අපනයන බෝග අපනයනයේදී සැකසීමේ ක්‍රමවේදය ගුණාත්මකභාවයෙන් ඉහළ දැමීමටත්, දේශීය සන්නාම නාමයකින් විදේශ වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා.

“සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් කිරීමට දේශීය නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ඉහළ කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේ අද පැවැත්වුණු සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි සඳහන් වන්නේ

මෙම වැඩපිළිවෙල සඳහා ගොවියා ශක්තිමත් කර, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනා කර ඇති අතර, ඉහළ ගුණාත්මයෙන් යුතු නිෂ්පාදන විදේශ තානාපතිවරුන් හරහා ප්‍රචලිත කිරීම සඳහා සාකච්ඡා වී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන තිබෙනවා.

එමඟින් දේශීය අපනයන වර්ධනය කර ගැනීමටත් එමඟින් ලැබෙන විදේශ විනිමය ඉහළ දැමීමටත් අපෙක්ෂා කෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ .

Share This