fbpx
අන්තර්ජාලය හරහා කරන අයහපත් වැඩක් ගැන පොලිස් විමර්ශන

අන්තර්ජාලය හරහා කරන අයහපත් වැඩක් ගැන පොලිස් විමර්ශන

අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගෙන ගණිකා වෘත්තීයේ යෙදෙන සුරූපී කාන්තාවන් 235 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් බුද්ධි ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට මෙසේ ගණිකා වෘත්තීයේ යෙදුණු තරුණ කාන්තාවන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින බව මෙම වැටලීම කි‍්‍රයාත්මක කළ බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. ආර්. ලක්ෂ්මන් මහතා පවසනවා.

වෙබ් අඩවියක් ඔස්සේ මෙම කාන්තාවන් ගනුදෙනුකරුවන් සොයාගෙන ඔවුන් කැඳවාගෙන යන ලැගුම්හල් 15 ක් පිළිබඳව ද පොලිසිය මේ වනවිට තොරතුරු සොයාගෙන ඇති අතර එම ස්ථාන වැටලීමට ද පුළුල් විමර්ශන පවත්වාගෙන යනවා.

අන්තර්ජාලය ඔස්සේ මෙම ගණිකාවන් සමග සම්බන්ධතා පැවැත්වීමට පාසල් වයසේ තරුණ පිරිමි දරුවන් ද සම්බන්ධ වී සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

කොරෝනා වසංගතය නිසා පාසල් දරුවන් මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර තරුණ පිරිමි දරුවන් මෙම වෙබ් අඩවිය ඔස්සේ ගණිකාවක් තෝරාගෙන ඔවුන් අසුරුකිරීමට පෙළඹී ඇති බව ද පොලිසිය පවසනවා.

මීට දින කීපයකට පෙර බම්බලපිටිය ප‍්‍රදේශයේදී පාසල් වියේ පිරිමි දරුවකු ගණිකාවක සමග සම්බන්ධ වී ඇති අතර මුදල් ප‍්‍රශ්නයක් නිසා එම දරුවා ගණිකාවගෙන් මිදී පළායන්නට උත්සාහ කිරීමේදී ගොඩනැඟිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කතා කරගෙන ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තාවන්ගෙන් වැඩි දෙනකුට විවිධ සමාජ රෝග මෙන්ම කොරෝනා වෛරසය ද වැළඳී ඇති බව පොලිසිය කියා සිටිනවා.

වෙබ් අඩවියක් ඔස්සේ කෙරෙන මෙම ජාවාරම නතරකිරීම සඳහා පොලිසිය මේ වනවිට අධිකරණයේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා.

Share This