අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගත්තේ නෑ  -ආසාදිතයින් දස දහසකින් සහ මරණ 150කින් වැඩි වුණා

අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගත්තේ නෑ -ආසාදිතයින් දස දහසකින් සහ මරණ 150කින් වැඩි වුණා

අලුත් අවුරුද්දට පෙර කොවිඩ් අවදානම සම්බන්ධයෙන් බලධාරීන්ට අනතුරු අඟවා සිටියත් එය සැළකිල්ලට නොගත් නිසා ආසාදිතයින් 10,000කින් පමණ වැඩි වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (10) බදුල්ලේදී සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ එම නිසා මරණ 150කින් පමණ ඉහළ ගිය බවයි.

PCR පරික්ෂන පමාවන තරමට ආසාදිතයන් සමාජයට එකතු වෙන බවත් පිළුණු වූ දත්ත මත පදනම්ව ඉදිරිදින ගැන නිශ්චිත තක්සේරුවක් කළ නොහැකි බවත් ශ්‍රීලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ සංගමයේ සභාපතිවරයා එහිදී කියා සිටියා.

Share This